Noize News 

කෝ යුක්රේන රැල්ලක් ඇති වුණාද? ඇමති ප්‍රසන්න

යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණිමත් සමග යුක්රේන රැල්ලක් ඇති වේයැයි විපක්ෂය ජනතාව තුල බොරු බියක් ඇති කලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් යුක්රේන රැල්ලක් ඇති නොවීමට රජය වග බලා ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ නියමු ව්‍යාපෘතිය යටතේ මේ වන විට යුක්රේණ සංචාරකයන් 1200ක් පමණ දිවයිනට පැමිණ ඇතත් ඔවුන්ගෙන් දෙදෙනෙකු  පමණක් කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවයි.

මොණරාගල පැවති ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

 

Related posts

Leave a Comment