Noize News 

රාවණා පැණිය බිව්වද? කොවිඩ් ආසාදනය වූ දයාසිරිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට රාවණා පැණියක් පාවිච්චි කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොරෝනා ආසාදනය වී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊයේ (13) කියා සිටියේය.

පිළිබඳව අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය..

මම හෝ මගේ පවුලේ කිසි කෙනෙකු හෝ ඔය කියන පැණියක් පාවිච්චි කරලා නැහැ මම කටයුතු කළේ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඉතාම සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය වෙමින් සිටිනවා. ඔය කතාව කියන පුද්ගලයා මාව සම්බන්ධ කරගන්න හැදුව නමුත් මම ඊට ඉඩ දුන්නේ නැහැ.

Related posts

Leave a Comment