Noize News 

පාර්ලිමේන්තුවේ 463කට PCR

පාර්ලිමේන්තුව තුළින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වීමත් සමග එම තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ඊයේ (13 )  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මන්තී‍්‍රවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 463කට පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇත.

ඇමැති වාසුදේව නානායක්කාර, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර සහ සමගි ජනබලවේගය මන්තී‍්‍ර රාවුෆ් හකීම් යන මහත්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග පාර්ලිමේන්තුව තුළ මෙසේ අවධානම්කාරී තත්ත්වයක් ඇති විය.

තවත් පිරිසකට හෙට (15 වැනිදා) පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට ද නියමිතව ඇත.

මෙම අවදානම්කාරී තත්ත්වය සමග ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිතව තිබුණ ද එයද අවලංගු කෙරිණි. එම රැස්වීම ලබන සඳුදා (18)  පෙරවරු 10.00 ට පැවැත්වීමට තීරණය කර ඇති අතර ලබන 19 වැනිදා ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වීමට මීට පෙර මෙය පැවැත්වීමට නියමිතය.

Related posts

Leave a Comment