Noize News 

සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර සංචාරකයන් ගෙන්වන ආයතන බ්ලැක් ලිස්ට් කරනවා – සංචාරක ඇමැති

රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් ගෙන්වීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක නියෝජිත ආයතන අසාදු ලේඛනගත කිරීමට (බ්ලැක් ලිස්ට්) ආණ්ඩුව තීරණය කර තිබේ.

ලබන 21 වැනිදා සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ඔවුන් ගෙන්වීමේ සිට ආපසු මෙරටින් පිටවයෑම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන සියලු සංචාරක ආයතන හා පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සංචාරක නියෝජිත ආයතන, හෝටල් හිමියන් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක රියැදුරන් දැනුවත් කිරීම සඳහා පෙරේදා (11) පැවැති රැස්වීමක දී ඇමැතිවරයා මේ බව පැවසීය. සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ දී එම රැස්වීම පැවැත්විණි.

Related posts

Leave a Comment