Noize News 

කොළඹට සුඛෝපභෝගී බස් 200ක්

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදුප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සැලසීමට  වැඩපිළිවළක්  බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සැලසම් කර තිබේ.

ඒ් අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 200ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මෙහිදී කෙටි දුර ධාවනය සඳහා මෙම බස් යොදාගැනීමට අවධානය යොමුවී තිබේ.

මේ සඳහා වන යෝජනාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කර තිබෙන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊට හිමිව තිබේ.

Related posts

Leave a Comment