ස්වයං නිරෝධායන වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගණන 31ක් වෙයි
අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් යන මහත්වරුන්ට කොවිඞ් රෝගය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම පිරිස අතර තිස්ස අත්තනායක,කෙහෙලිය රඹුක්වැල්ල,ගයන්ත කරුණාතිලක,එම්ඒ සුමන්තිරන්,එම්.රාධක්‍රිෂ්ණන්,ලක්ෂ්මන් කිරිඇල්ල,ජනක බණ්ඩාර තෙන්නකෝන්,කේ.එම් නන්දසේන,ෆයිසාල් කාසීම්,එම්.එම් හරීෂ්,අශෝක් අබේසිංහ යන මහත්වරුද සිටිති.