Noize News 

ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට පත්කරනවා

දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, අද (9) පෙරවරුවේ ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේ පැවති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ වන ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

Related posts

Leave a Comment