Noize News 

යාපනය විශ්වවිද්‍යාලය උණුසුම් වෙයි – STF බලඇණි කැඳවයි

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ මුල්ලවයික්කාල් සැමරුම ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා කඩා ඉවත් කිරීමක් හේතුවෙන් ඊයේ (08) රාත්‍රියේ දී යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණු අතර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ එම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් බවයි

විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම ස්මාරක ඉදි කර ඇත්තේ යුද්ධය නිමාවී දස වසරක් ගතවීම නිමිත්තෙන් 2019 වසරේදීය.

Related posts

Leave a Comment