වසර 10 ක් තිස්සේ හොරෙන් වතුර ගත්ත පොලීසිය මෙන්න
හෝමාගම පොලීසිය විසින් නීතිවිරෝධී අයුරින් වසර 10ක සිට නළ ජලය ජලය ලබා ගෙන ඇතැයි අණාවරණය වී තිබේ. ඒ අනුව සම්බන්ධතාවය අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඊයේ (07) කටයුතු කර ඇත.
මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 15කට වැඩි බව වාර්තා වේ.
නීතිවිරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකය අඑහි ගොස් තිබූ අතර එහිදී මෙම නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.
හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර පසුකාලීනව ඉන් තුනක් විසන්ධි කිරීමට කටයුතු කර ඇතඑලෙස විසන්ධි කරන ලද මාර්ගයක් ඔස්සේ මෙලෙස නීතිවිරෝධී ලෙස යළිත් ජලය ලබාගෙන තිබූ බව අනාවරණය වී ඇත.
.