Noize News 

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දිය අගල ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී විෂ්ණු දේවාලය ආසන්නයේ ඇති දිය අගලේ ආරක්ෂිත බැම්ම විශාල කොටසක් අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී තිබේ.

මෙම දිය අගලේ මීටර 10ක පමණ කොටසක් මෙසේ කඩාවැටී ඇති අතර එමෙන්ම තවත් විශාල කොටසක් කඩා වැටීමේ තර්ජනයට ලක් වී තිබේ.

දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලූ අංශ දැනුවත් කර ඇති බවයි.

එය පිලිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු පැවසීය.

Related posts

Leave a Comment