Noize News 

බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසෙයි

බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති මුස්ලිම් පල්ලි කිහිපයක් දින කිහිපයකට තාවකාලිකව වසා දැමිමට ඊයේ (06) තිරණය කල බව බලන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමණ විමලසේන මහතා පවසයි.

බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස ආසාදනය වි ඇති ⁣ මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එනම් එම ප්‍රදේශයේදී පදිංචි වයස අවුරුදු එක හමාරක දරැවෙකු සහ ගොරගහමඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරස ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇත.

මේ සමග බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සමග සාකච්ඡා කර එම තිරණය ගත් බවත් කොරෝනා වෛරස තවදුරටත් පැතිරී පාලනය කිරිම සදහා සහ පල්ලි වලට ජනතාව ඒක රාශි විම වැලක්විම සදහා එම තිරණය ගනු ලැබු බවද චාමික ජයමණ විමලසේන මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

Leave a Comment