පාඨලී අසුනින් පැන දුවයි – SJB මන්ත්‍රී කණ්ඩායම් වට කර ගෙන නෙලලා
පාඨලී චම්පික විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂද සිල්වා ආදී මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඒල්ල කර තිබේ.
ඒහිදී ඔවුන් විමසා ඇත්තේ පාඨලීගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ ඇයිද ? යන්නයි.
මේ අවස්ථාවේ ඔහු හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් පාඨලී චම්පික එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි ද වාර්තා වෙයි.
මෙහිදී සරත් ෆොන්සේකා විමසා ඇත්තේ මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි යන්නයි.
වෙනම සංවිධාන හදන්න කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.
මෙකී දැඩි ප්‍රහාර හමුවේ පාඨලී එම මන්ත්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.