Noize News 

ජනතාවට එක නීතියක් සංචාරකයන්ට තව නීතියක් බැහැ – GMOA

සංචාරකයන් ගෙන්වීමේදී ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් කඩ වුණා දැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සොයා බැලිය යුතු අතර වසංගත රෝග අංශය මේ සම්බන්ධයෙන් නැවත පසු විමර්ශනයක් කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය …

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව වසංගත රෝග අංශයක් තිබෙනවා වගේම අවශ්‍ය වන්නාවූ නිල විධාන ලබාදීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා සතු වගකීමක්. කුමන සංචාරකයන් ආවත් ඒ විධාන සහ උපදෙස් පිළිපැදීම සිදුකල යුතුයි. ඒ කටයුතු සිදුකිරීම ඒ අයගේ වගකීමක්. මේ දේවල් අධීක්ෂණය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක්.

මේ කාරණා සිදු නොවුණහොත් මේ කොරෝනා රෝගය තවත් පැතිරී යා හැකියි. කුමන රටකින් සංචාරකයන් ගෙන්වූවත් මේ රටේ පවත්නා වූ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි . වෙනත් රටකින් පැමිණියා යැයි කියා ලිහිල් භාවයක් අනුගමනය කිරීමට බලයක් ලබා දී නැහැ.

කුමන රටකින් සංචාරකයන්ගෙන් වුවත් මේ රටේ පවත්නා වූ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. වෙනත් රටකින් පැමිණියා යැයි කියා ලිහිල් භාවයක් අනුගමනය කිරීමට බලයක් ලබාදී නැහැ මේ රටේ නීති දෙක තුනක් තිබෙන්නට බැහැ. ඒක සාමාන්‍ය ජනතාවට වගේම සංචාරකයන්ටත් අදාළ වෙනවා. සංචාරකයන්ට සුවිශේෂී වූ සැලකිල්ලක් දැක්විය නොහැකි. උදයංග වීරතුංග මහතා වුණත් වෙනත් අයෙකු වුණත් රටේ තිබෙන නිරෝධායන ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි.

Related posts

Leave a Comment