ගැසට් නිවේදනයට අනුව මෘත දේහ තවදුරටත් ආදහනය කරනවා – සෞඛ්‍ය සේවා නි. අධ්යක්ෂ ජනරාල්
ගැසට් නිවේදනයට අනුකූලව කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් ආදාහනය කෙරෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා වැඩිදුරටත් කියාසිටින්නේ මෙසේය…
‘‘කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙනවා. ගැසට් නිවේදනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙන් අනුව ඒ කටයුතු තවදුරටත් සිදුවෙනවා. මේකේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය තමයි එයට මැදිහත් වෙලා එම ආදාහනය කිරීමට අදාළ ගැසට් එක සංශෝධනය කරන්න ඕනේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ඒ ඒ රටවල්වලට දැනුම් දීලා තියෙන්නේ තම රටට ගැළපෙන ක්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකරන්න කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනවා. යනුවෙනි.
කොවිඞ් – 19 මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වෙනසක් සිදු වී තිබේද යන්න පිළිබඳව පුවත්පත් මාද්යක් විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පවසා ඇත.