Noize News 

කොවිඩ් මර්දනයට හමුදා නිලධාරීන් පත් කිරීම සැක සහිතයි – රවී කුමුදේශ්

කොවිඩ් මර්දන කටයුතු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු සදහා හමුදා ප්‍රධානින් පත් කිරීම සැකයක් මතුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ජනවාරි පළමු වනදා සිට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු කොවිඩ් මර්දනය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය පරිපාලනයේ කොවිඩ් මර්දනය සඳහා සහයෝගය නොදක්වන මෙන්ම හමුදා පරිපාලනය තරම්වත් සෞඛ්‍ය පරිපාලනය ලබාදිය නොහැකි, කළමනාකරණය කල නොහැකි අදක්ෂ සෞඛ්‍ය පරිපාලකයන් සිටිනම් එවැනි පිරිස් ඉවත් කරන මෙන්ද ඔහු ජනපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.

Related posts

Leave a Comment