Noize News 

සජිත් ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා – ප්‍රකට හිමිනමකගෙන් අනාවැකියක් !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒකාන්ත වශයෙන්ම මෙරට ජනාධිපති බවට පත් වෙන බව කොළඹ නවකෝරලේ නවතොටමුනේ උප ප්‍රධාන සංඝනායක පෝරේ පුරාණ විහාරාධිපති රුක්මලේ ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.

”ඔබතුමා මේ රටේ ඒකාන්ත වශයෙන්ම ජනාධිපති වෙනවා..ඒක අද වෙනවා හෙට වෙනවා කියපා නෙමෙයි මම කියන්නේ.. ඔබ තුමා ඒකාන්ත වශයෙන් මේ රටේ ජනාධිපති වෙලා කටුයුතු කරලා තමයි නවතින්නේ … ඒකට ඔබ තුමාට පින තියෙනවා” යනුවෙන් උන් වහන්සේ සඳහන් කරයි.

ඒ අනුව ඔහුට මේ රටේ ජනාධිපති වූ පසුව පොරොන්දු වූ දේවල් නොකළ හොත් ඒ බලයෙන් පහ කර දමන බවද උන්වහන්සේ කියා සිටියහ.

ශ‍්‍රී ධම්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමසජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර එම උත්සවයේදී දේශණයක් සිදු කරමින් එහිමියෝ මේ බව පැවසූහ.

Related posts

Leave a Comment