Noize News 

මාවනැල්ලේ ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම ගැන හෙළිවෙයි

ඉකුත් 22 වැනිදා මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක තිබී අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියා සඳහා යොදා ගැනීමේ සැලසුමක් නොතිබූ බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා පේරාදෙණිය, තලවත්ත ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

එම සැකකරුවන් මේවා සොරාගෙන ඇත්තේ තවත් ගල්කොරි සදහා අලෙවි කිරීමට බව අනාවරණය කර ගෙන ඇතැයි සදහන් වේ. මැවනැල්ල පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.

Related posts

Leave a Comment