ශවේන්ද්‍ර සිල්වා උසස් කිරීම සාධාරණයි – කමල් ගුණරත්න නම් ප්‍රශ්නයක් – ෆොන්සේකා කියන කතාව

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පසුගිය දිනක යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ තනතුරු උසස් කිරීමට ජනාධිපතිතුමන් තීරණය කර තිබුණා.

මෙම තනතුරු උසස් කිරීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අදහස් දැක්වා තිබුණා.

එහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උසස් කිරීම සාධාරන දෙයක් වන නමුත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ජෙනරාල් තනතුරට උසස් කිරීම දේශපාලන ප්‍රවර්ධනයක් බවයි.

හිටපු යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙම අදහස් දැක්වීය.

” යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උසස් කිරීම සාධාරන දෙයක් වන අතර එය මෙයට පමණක් සීමා නොවී හමුදාපතිවරු තුන් දෙනාම තරු 4 නිලයට උසස් කල යුතු බවත්, ඊට පහලින් රණවිරුවන්ටත් එම උසස් වීමේ ක්‍රමවේදය ගලා යායුතුයි. මෙන්ම මට මතකයි කමල් ගුණරත්න මහ මැතිවරණ සමයේදී වේදිකාවේදී අදහස් දැක්වූවා ජෙනරාල් ෆොන්සේකා තමයි හමුදාවේ හිටපු හොදම ජෙනරාල්, නමුත් මම මේ කියන්නේ ෆීල්ඩ් මාෂල් ගැන නෙමෙයි කියලා. ඉතින් මටත් ඔහු ගැන එකම ආකාරයකින් අදහස් දැක්විය හැකියි, එයා හිටපු තරු දෙකේ ජෙනරල් කෙනෙක්, තරු 4 ජෙනරාල් ගැන මම කියන්නෙ නෑ කියලා. නමුත් මම ඒ තත්වෙට ගිහිලා එයාට අපහාස කරන්න කැමත් නෑ.”

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *