Noize News 

රංජන්ගේ සල්ලි දන්සල – මෙතෙක් නොගත් මන්ත්‍රී දීමනා මලියන ගානක් ජනතාවට දෙන්න සූදානමින්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිනපතා පාර්ලිමේන්තුවට පැමිණීමේ දී ලබා දෙන දීමනාව සහ මාසික දීමනාවන් ලබා නොගෙන එය මහ භාණ්ඩාගාර ගිණුමේ තැන්පත් කොට එකතු කර ගත් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ජනතාව අතර බෙදා දීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක විසින් සිය යුටියුබ් නාලිකාව හරහා කියා සිටී.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් තමන් කළ ඉල්ලීමක් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව එම ලක්ෂ 40ක මුදල තමන්ට ලබාදුන් බව පැවසූ මන්ත්‍රීවරයා එය තමන් විසින් අවශ්‍යතාවයන් ඇති ජනතාව සොයා බලා ලබා දීමට තීරණය කළ බව පවසයි.

ආර්ථික අපහසුකම් වලින් පෙළෙන කලාකරුවන් සහ රට විරුවන්ට ප්‍රමුඛ තැනක් මෙහිදී ලබා දෙන බව පැවසූ රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා සිය සම්බන්ධිකරණ ලේකම්වරයා හරහා මුදල් අවශ්‍යතාවය ඇති අයට ඉල්ලුම් කළ හැකි බවද කියා සිටියා.

Related posts

Leave a Comment