Noize News 

මෘත දේහ භූමදානය ගැන කමිටුවලින් මොනවා කිව්වත්, අවසාන තීරණය ගන්නේ ආණ්ඩුව – දිළුම් අමුණුගම කියයි

කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටු කුමන තීන්දුවක් ගනු ලැබුවද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය රජය සතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ජනතාව ඡන්දය ලබාදී ඇත්තේ කමිටු වලට නොව,රජයට බවයි.

මැතිවරණය කාලයේදී පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපතියෙක් බවට පෙන්වීමට උත්සහ කළ බව මෙහිදී මතක් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කමිටු වලට නිර්දේශ කළ හැකි වුවත් ඒවා සලක බලා අවසාන තීන්දුව ගත හැක්කේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව විසින් බවයි.

Related posts

Leave a Comment