Noize News 

මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකියි -ශ‍්‍රී ලංකාව ඉතාලි අර්බුදය අබිමුව – GMO

කොරෝනා වෛරසය මේ වන විට සමාජය ව්‍යාප්ති තත්ත්වයක පවතින බවත් එය ප්‍රකාශ කල යුතුව ඇත්තේ තම සංගමය නොව වසංගත රෝග විද්‍යා අංශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙවර පැතිරෙන වෛරසය අතිශය ප්‍රබල බවත් බෝවීමද ඉතා ඉහළ බවත් මෙම තත්වය හමුවේ රට ඉතා බරපතල අවදානමක ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ හෙතෙුවෙන් මරණ සංඛ්‍යාව අතිශයින්ම ඉහළ යා හැකි බවත් මෙරට වැඩිහිටි පරම්පරාව ඉහළ අනතුරක බවත් ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතාලි අර්බුදය අබියස බවත් බෝනොවන රෝග සහිත සියලු දෙනා අතිශය පරිස්සම් කාරී විය යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් හා පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

Leave a Comment