Noize News 

මෛත්‍රීගේ මනාපයත් භූමදානයට

කොවිඩ් 19 හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුර භූමිදානය කිරීමේ අයිතිය මුස්ලිම් ජාතිකයින්ට ලබා දිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය භූමිදානය අනුමත කර තිබෙන බව පෙන්වා දෙන හිටපු ජනපතිවරයා හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් ලෙස තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟ බව ද සදහන් කරයි.

කොවිඩ් 19 මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බව තීරණය කොට තිබෙන්නේ හිටපු ජනපතිවරයා නියෝජනය කරන වත්මන් පොදුජන පෙරමුණ ආණ්ඩුව වන අතර ආණ්ඩුවේ මතයට එරෙහිව හිටපු ජනපතිවරයා මෙසේ අදහස් දැක්වීම බොහෝ පාර්ශවවල අවධානයට ලක්ව තිබේ.

හිටපු ජනපතිවරයා මෙම අදහස් පල කර තිබුණේ “The Hindu” පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවක දීය. 

මීට පෙර හිටපු ජනපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද කොවිඩ් හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීමට ඉඩ දිය යුතු බව සඳහන් කරන වීඩියෝ පටයක් ද සමාජයට නිකුත් කර තිබුණි.

සිංහල බෞද්ධ අන්තවාදීන්ට යටනොවී මුස්ලිම් ජනතාවගේ ආගමට හා සංස්කෘතියට අදාල භූමිදාන අයිතිය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් ද එම වීඩියෝව හරහා හිටපු ජනපතිනිය කර තිබුණි.

Related posts

Leave a Comment