Noize News 

නව වසරේ මෘත දේහ භූමදානය කරන්න දෙන්න – මන්නාරමේ විරෝධතා

නව වසරේ (2021) හෝ කොවීඩ් වෛරසෙයන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට රජයෙන් අවසර ලබා දෙන ලෙසට ඉල්ලා මන්නාරම් පුරවැසි කමිටුව හා කාන්තා සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානයක කර තිබූ නිහඩ විරෝධතාවක් අද මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි

මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේද සහය ලැබී තිබුණි.

එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ . ‘ මුස්ලිමි ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බැවින් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් එම ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙ මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව ඇති අවස්ථාවක නව වසරේදී (2021) හෝ මුස්ලිම් ජනතාව වෙනුවෙන් අවධානය යොමු කොට ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසරය ලබා දීමට රජය කටයුතු කල යුතු බවටය.

Related posts

Leave a Comment