Noize News 

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව නිර්දේශ කරයි

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට රජය විසින් පත්කරන ලද දෙවන කමිටුව විසි් නිර්දේශ කර තිබේ.

ඒ් අනුව අදාල වාර්තාව සෞඛ්‍ය ඇමතිනියට බාර දුන්නද ඇය එය බාර නොගෙන කමිටු දෙක එකට මුණගස්වා අවසන් තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

කෙසේ නමුත් කොරෝනා මෘත දේහ ආදාහන පමණක් සිදු කරන්නැයි නිර්දේශ දුන් පෙර කමිටුව තව දුරටත් එම ස්ථාවරයේ සිටීම හේතුවෙන් අවසන් එකගතාවයකින් තොරව ඊයේ එම සාකච්චා අවසන් වී ඇත.

රජයේ ප‍්‍රකාශකයෙකු විසින් මෙම කරුණු සනාත කර තිබේ.

Related posts

Leave a Comment