Noize News 

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරේ

හෙට (01) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බව ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි  ඒ අනුව පහත ප්‍රදේශවල හුදකලා බව ඉවත් කර තිබේ.   නාරාහේන්පිට පොලිස් වසමේ – 100 වත්ත වරයා පොලිස් වසමේ -පහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙස ,ඉහළ ශාන්ත ඇන්ඩෘස් පෙදෙසඇන්ඩෘස් පාර පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත

Read More
Noize News 

පොඩි ලැසීගේ ගෝලයකු වන ලොකු මධූ අත්අඩංගුවට

දකුණු පළාතේ පාතාල කල්ලි නායකයකු බව කියන පොඩි ලැසීගේ සමීප ගෝලයකු වන ලොකු මධූ ටී 56 ගිණි අවියක් සමග අද (31) තෙල්වත්ත මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Noize News 

දෙමළ ජාතික සන්ධානය නිදහස් සැමරුම වර්ජනය කරන්න යයි

මෙවර ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන මණ්ඩලය වව්නියාවේදි රැස්වු අතර එහිදි මෙම තීරණය ගෙන ඇත. එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා පැවසුවේ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළ බවයි. මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර…

Read More
Noize News 

කොඩිශිල්ඩ් එන්නත පොලිස් නිළධාරීන්හට

ඉන්දියාව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද කොවිශිල්ඩ් එන්නත පොලිස් නිළධාරීන් වෙත එන්නත් කිරීම අද (31) නාරාහේන්පිට පොලිස් රෝහලේ දී ආරම්භ විය අද දිනයේ පොලිස් රෝහලේ නිළධාරීන් 100 දෙනෙකුට එන්නත් කිරීම සිදු කරන ලදි මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ද සහභාගී විය

Read More
Noize News 

ධම්මික පැණිය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග රස බැලුවා – කතානයක

කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවා ඇති ඖෂධය තමන් නියම මාත‍්‍රාවට භාවිත කලේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. එම පැණිය තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද රස බැලූ බවත් පාර්ලිමේන්තුව රියැදුරන් පිරිසක් ද එම පැණිය පානය කලේ යයිද ඔහු පවසයි. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර මගුල් ගෙවල් මළගෙවල්වලට යන නිසා වෛරසය පැතිරෙමෙන් ඇතැයිද ඔහු කියා සිටියේය.

Read More
Noize News 

රනිල්ව මුණ ගැහෙන්න සෑම සතියකම දවස් දෙකක්

පෙබරවාරි මස මුල සිට පාක්ෂිකයන්ට හා සාමාන්‍ය ජනතාවට එක්සත් ජාතික පක්ෂ නායකයින් මුණගැසීමට දින දෙකක්  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන්කොට තිබේ. ඒ අඟහරුවාදා සහ බදාදා යන දින දෙකය. එම දින දෙක තුළ පාක්ෂිකයන් මෙන්ම ජනතාව මුණගැසීමට පක්ෂ නායකයා මෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර යන මහත්වරුන් සිරිකොත රැඳී සිටීමට තීරණය කොට තිබේ. එක්සත් ජාතික පක්ෂය ජනතාව අතරට ගෙන යෑම සඳහා පාක්ෂිකයන් හා නායකයන් අතර තිබෙන දුරස්ථභාවය නැති කිරීම සඳහා පක්ෂ නායකයා විසින් මෙම  වැඩ පිළිවෙළ අරඹා තිබේ. 

Read More
Noize Gossip 

වික්ටර්ව විනාශ කළේ මේ ගැහැණිය – කසාදෙට අත්සන් තැබූ දයා විජේසේකර සම්පූර්ණ කතාවම කියයි

වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක්…

Read More
Noize News 

කොරෝනා වෛරසය තව මාස දෙක තුනක් ඇතුළත පාලනය කරනවා – මහින්දානන්ද

කොරෝනා වෛරසය තවත් මාස දෙක තුනක් ඇතුලත පාලනය කරගත හැකි යයි විශ්වාස කරන බව ඇමති අලුත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. රට ගොඩනැගීම සඳහා දැනටමත් වැඩ පිළිවෙළක් සකස් කර අවසන්ව ඇතැයිද ඔහු පැවසීය. ආණ්ඩුව අසමත් යයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ වෙන කිසිවක් නිසා නොව හොරුන්ට දඬුවම් දීමට නොහැකි වූ නිසා බවද ඔහු කියා සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

Read More
Noize News 

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළට

ඊයේ දිනයේ කොරෝනා මරණ 8 ක් මෙරටින් වාර්තා වී  ඇත. මෙම මරණ 08  අතරින් තිදෙනෙකු කාන්තාවන් වේ.  මේ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ , කොළඹ 10 පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ,කොළඹ 15 පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 58 හැවිරිදි පොකුණුවිට පදිංචි කාන්තාවක් ය.  ඊට අමතරව 79 හැවිරිදි රාජගිරිය පදිංචිකරුවෙක්, කොළඹ 15 පදිංචි 93 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ,මඩුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් , වාද්දූව පදිංචි 39 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු එලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ. ඔවුන්…

Read More
Noize News 

කහ සහ ගම්මිරිස් ගබඩා කිරීමට රජයෙන් ගබඩා සංකීර්ණයක්

වී අලෙවි මණ්ඩලයට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවැති ගබඩා සංකීර්ණයක් කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ භාවිතය සදහා පසුගියදා ලබා දුන් බව එම මණ්ඩලයේ සභාපතිනී කුමුදුණී ගුණසේකර මහත්මිය පැවසුවාය. වී අලෙවි මණ්ඩලය දැනට එම ගබඩාව භාවිතයට නොගනී.  ඒ අනුව ඉදිරියේ දී රජය විසින් ගොවීන්ගෙන් ප්‍රධාන වශයෙන් මිලදී ගැනීමට සූදානම්වන කහ සහ ගම්මිරිස් මෙන්ම උක්, බඩඉරිඟු, කජු, කුරුඳු, කරාබුනැටි ඇතුළු කුඩා වැවිලි භෝග වර්ග මෙහි ගබඩා කිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල දියත් කරනු ලැබේ.

Read More