පැනික් වෙන්න එපා- හොද වුණ ගමන් යවනවා -අපි මේක බලාපොරොත්තු වුණා

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

යුක්රේන් ජාතිකන්ගේ  සංචාරක පිළිබඳව කලබල විය යුතු නැති බවත් මෙම තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මීට දින කිහිපයකට පෙර එනම් ඉකුත් 28 වැනි දින මෙරටට පැමිණි යුක්රේන්  සංචාරකයින් අතුරින් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුකොටගෙනය සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස ප්‍රකාශ කෙට තිබේ.

මේ වනවිට එම සංචාරකයන් 6 දෙනා සමග කිට්ටුවෙන් ඇසුරු කළ පුද්ගලයින්ව ද හඳුනාගෙන ඇති බවද පෙන්වා දෙයි.

කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් සූව වීමෙන් පසු නැවතත් සිය මව් රට බලා පිටත් කරලා යවන බවත් අන් සංචාරකයින් පිරිස දැඩි සෞඛ්‍ය නීතිරීති මත ඔවුන්ගේ සංචාරයේ නියැලෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන බවත් වාර්තා කරයි.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *