Noize News 

දින නියමයක්‌ නැතිව පළාත් සභා ඡන්දය කල්දමයි

කොවිඞ් 19 වසංගත තත්ත්වය, නව මැතිවරණ ක‍්‍රමයක් සකස් වන තෙක් හා මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතා සැලකිල්ලට ගනිමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල්දැමීමට පෙරේදා (28) රැස්වූ පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘‘පළාත් සභා අහෝසි කළ යුතුයි යනුවෙන් මතයක් රට තුළ පවතිනවා. තවත් අය කියනවා පළාත් සභා තිබිය යුතුයි කියලා. පළාත් සභා මැතිවරණය මෙම අවස්ථාවේ පැවැත්වීම උචිත නැති බව අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් පෙන්වා දුන්නා’යි ප‍්‍රකාශ කළේය.

එසේම කොවිඞ් 19 වසංගත තත්ත්වය හා ඒ නිසාම රට තුළ පවතින ආර්ථික ගැටලූ සහ මැතිවරණයක් පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක‍්‍රමයක් යටතේ බවත්, රජයට හිතවත් කණ්ඩායම් මෙන්ම මහා සංඝරත්නයත් පළාත් සභා මැතිවරණය කල් දමන ලෙස බලපෑම් කර තිබෙන නිසාත් යන සියලූ කරුණු සැලකිල්ලට ගෙන පක්ෂ නායක සාකච්ඡුාවේ දී අවසාන තීන්දුව වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දැමීමට යැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment