Noize News 

12 හැවිරිදි පාසල් සිසුවා රෙදි පටියකින් ගෙල වැලලාගෙන මදුරු දැල් කොක්කේ එල්ලී මරුට

හය හැවිරිදි සහෝදරිය සමඟ නිවසේ සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙකු; රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මගින් මදුරු දැලේ කොක්කේ එල්ලී මිය ගොස් තිබේ.

සිරුර එල්ලෙමින් තිබෙන දුටු දෙවෙනි මව දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පිළියන්දල පොලිසිය පවසයි

පසුගිය(27) දින සවස සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව තානායම පාර පදිංචිව සිටි කවින් සඳරූ විජේවර්ධන යන දොළොස් හැවිරිදි සිසුවෙක් බවද පොලිසිය පවසයි.
 
 මියගිය දරුවා පියාගේ පළමු විවාහයේ දරුවෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවත් පියා රැකියාවටද මව වෙළඳසැලකටද ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට නිවැසියන්ගේ ප‍්‍රකාශවලින් අනාවරණ වූ බවද පොලිස් නිලධාරියකු පැවැසීය.

දරුවාගේ සිරුර එල්ලෙමින් තිබූ ඇඳ මත කුඩා ප්ලාස්ටික් බංකුවක් ද තිබී ඇති අතර එම බංකුව උඩුබැලි අතට පෙරළී තිබූ බවද පොලිසිය විසින් සිදුකළ සිදුකළ පරීක්ෂණයේදී හමුවූ බවද එම නිලධාරියා පැවසීය.
 
 දරුවාගේ මෙම හදිසි මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවට දරුවාගේ පියා පවසන බව පොලිසිය සඳහන් කරයි.
 
 මියගිය දරුවාගේ ගෙල දෙපස කළු පැහැ ගැන්වී ඇති බවට පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වූ බවද පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් වැඩිදුරටත් කරයි.
 
 සිද්ධිය වූ ස්ථානයේ ස්ථානික පරීක්ෂණය සඳහා පැමිණි කැස්බෑව වැඩබලන මහේස්ත‍්‍රාත් කේශා ජයවර්ධන මහත්මිය මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස පොලිසියට නියෝග කළාය.

Related posts

Leave a Comment