Noize News 

වළලනවද පුච්චනවද කියන එකට වඩා ජීවත් වෙලා ඉන්න මිනිස්සු රැක ගන්න එක වටිනවා – නිර්දේ්ශය පුච්චන එක නම් පුච්චලා දාන්න

කොරෝනා මළ සිරුර භූමිදානය දී ආගමික චාරිත්‍ර වලට වඩා මුල් තැන දිය යුත්තේ සෞඛ්‍ය නිර්දේශවලට බවත් කොරොනා රෝගය වැළඳී මිය යන මුස්ලිම් ආගමිකයන් ගේ මෘත දේහය ආදාහනය නොකොට ශීතකරණවල තබා ගැනීම සම්බන්ධයෙන් තමා දැඩි විරෝධය පළ කරන බවත් ප්‍රවාහන රාජ අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

රට අසීරුතාවයට පත්ව ඇති මේ අවස්ථාවේ සියලුම දෙනා ජාති ආගම් බේද නොසලකා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එක්ව කටයුතු කර ව්‍යසනයෙන් ගොඩ ඒමට ක්‍රියා කළ ක්‍රියාකල යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මුස්ලිම් ආගමිකයන්ගේ දකොවිඩ් ආසාදිත මෘත දේහයන් වල අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජය මේ දක්වා පැහැදිලි මතයක් ප්‍රකාශ කර නොමැති බවත් තමාගේ පුද්ගලික මතය වන්නේ පිළිගත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව සිරුරු ආදාහනය කළ යුතු බවයි.

පවතින තත්වය හමුවේ ඉස්ලාම් බැතිමතුන් පමණක් නොව බෞද්ධ හින්දු හා කතෝලික බැතිමතුන්ටද කොවිඩ් වෛරසය ශරීරගතව මරණයට පත්වන තම පවුල් සාමාජිකයන් ගේ අවසන් කටයුතු ආගමික චාරිත්‍රානුකූලව කිරීමට හැකියාවක් නැතැයි ඒ මහතා පැවසීය.

වෛරසයට ගොදුරුව අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අයගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් ඇති කරගන්නවා වෙනුවට දැන් කළ යුතුව තිබෙන වැදගත්ම දේ ජීවත්ව සිටින පුද්ගලයන් වෛරසයෙන් ගොදුරු වීම අවම කර ගැනීම බව හෙතෙම පෙන්වා දෙයි.

ජාති හා ආගම් වශයෙන් බෙදුණු මතවාදවලින් මිදී සියලූ ජන ජනකොටස් එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන බවත් මළ සිරුර භූමිදානය කිරීම සුදුසු ද යන්න සොයා බැලීමට රජයේ විශේෂඥ කමිටුවක් පත් කර තිබෙන බවත් එහි නිර්දේශිත පත්වන තෙක් නොසිට රජය අපහසුතාවයට පත් පත්කිරීමට කවුරුන් හෝ පියා කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මහනුවර දී ඊයේ (28) මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සඳහන් කළේය.

Related posts

Leave a Comment