ජනවාරි 01 සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට
Spread the love
පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය ජනවාරි මස 01 වැනිදා සිට යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව යුද හමුදාවට මෙම ක්‍රියාවලිය භාරදීමට පසුගිය ජුලි මස පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සදහන් කළේ මසකට නව රියදුරු බලපත්‍ර 50,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි.
ඒ අනුව අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා වැය වන මුදල රජයට ඉතිරිකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
+1
+1
+1
+1
+1
+1
+1