Noize News 

අලි සබ්‍රි අමාත්‍ය ධූරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි?

අධිකරණ අමාත්‍ය, අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් අද (29) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

නමුත් ජනාධිපතිවරයා විසින් එය භාර ගෙන නොමැති බවටද තොරතුරු වාර්තා වෙයි.
 
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ මුස්ලිම් මෘත දේහ ආදාහනය නොකර ආගමික විශ්වාසය අනුව භූමදානය  කිරීමට තවදුරටත් ඉඩ නොලැබීම නිසා ඒ වෙනුවෙන් බලපෑම් කිරීමක් ලෙස මෙවැනි ලිපියක් යොමු කර ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මුස්‌ලිම් සමාජය තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන අතර මෙම තත්ත්වය මත ඇමතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවත්  ඔවුන්ට ඔවුන්ගේ සමාජය වෙත යාම ඉතා දුෂ්කර වී ඇති බවත්  වාර්තා වෙයි.
 
මුස්‌ලිම් සමාජය සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කිරීම නිසා ඔවුන් අතර විශාල කලකිරීමක් ඇතිව තිබෙන බවත් මෙය ආයුධයක් කරගනිමින් පීඩාවට පත් තරුණයින්  යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ‘රාවය’ පුවත්පතට ප්‍රකාශකර තිබුණි. 
 

Related posts

Leave a Comment