Noize News 

මෘත දේහ වළලන්නේ නෑ – – පුච්චනවා විතරයි රජයේ නිවේදනය මෙන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධව සමහර දේශපාලනඥයන් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර කරන බව පෙනී ගොස් ඇති බවත් කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙසත්සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

ප්‍රබල දේශපාලන චරිත ඈඳාගෙන සමහර වෙබ් අඩවි නිර්මාණය කරන ව්‍යාජ පුවත් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බව එම නිවේදනයේ මඳහන් වෙයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියලු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය ආසාදන වී මියයන සියලු දෙනා ගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදුකරන අතර සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණින් යුතුව විකෘති කරමින් ව්‍යාජ පුවත් සමාජ ගත කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Related posts

Leave a Comment