Noize News 

ධම්මික පැණිය වාසුගේ ගෙදරත් හදයි – පැණිය බොන්න ඔහුත් පෝලිමේ

ධම්මික බණ්ඩාරගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටින බවත් එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කරයි.

වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද හෙතෙම පවසයි.

අමාත්‍යංශයේ පැවති මාද්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

Leave a Comment