69 ලක්ෂයේ බලාපොරොත්තු බිඳ වැටෙන්න දෙන්නෙ නැහැ – ඇමති ප්‍රසන්න කිව්ව කතාව

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

වත්මන් ආණ්ඩුව බිහිකිරීමට කැපවූ හැට නම ලක්ෂයේ අපේක්ෂාවන් කිසිසේත් බිඳ නොදමන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුව මෙන් නොව වත්මන් ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට කැපවී ඇති බවයි. 

විවිධ කරුණු සම්බන්ධයෙන් විවිධ මතවාද ආණ්ඩුව තුළ තිබුණත් ආණ්ඩුව හැමවිටම කටයුතු කරන්නේ ජනතා අපේක්ෂාවන්ට ප්‍රමුඛත්වය ලබා දී බවත් පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාව තැබූ විශ්වාසය කිසිවෙකු පාවා නො‍දෙන බවත් ඔහු අවධාරණය කරයි. 

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට වැඩසටහනේ මිනුවන්ගොඩ ආසනයේ කොට්ඨාශ කමිටු පිහිටුවීමේ රැස්වීම් වලට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ 37ම ආවරණය වන පරිදි මෙම කමිටු රැස්වීම් ඊයේ (26)  සහ අද (27) පැවැත්විණි.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *