අපි නිවටයෝ නෙමෙයි , අපේ ඉවසීම පරීක්ෂා කරන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමි
එක් එක් කොට්ඨාශයන්ට උවමනා ලෙස නොව ‘එක රටක් එක නීතියක්..’ යටතේ රට පාලනය විය යුතු බවපූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
එක් එක් දේශපාලන කොටස් වල වුවමනාකම් අනුව එම බලතල හුවා දක්වමින් හැසිරීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
තමන් වහන්සේලාගේ ඉවසීම පරීක්ෂාකර බැලීමට උත්සාහ නොකරන ලෙසත් ඉවසීම නිවටකමක් සේ නොසලකන ලෙසත් ් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව උන් වහන්සේ පවසයි.
කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.