Noize News 

මට නිරෝධායනය වෙන්න අවශ්‍යතාවයත් නැහැ – එස් බී කියයි

නිරෝධායන වීමට තරම් තමාට අවශ්‍යතාවයක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහ පුවත්පත් මාධ්‍යක් කළ විමසීමකදී ඊයේ (25) පවසා තිබේ.
 
 සී. බී. රත්නායක ඇමැතිවරයා සම`ග තමා කතා බහ කළ නමුත් ඔහු නිරෝධායන වීමෙන් පසුව පී. සී. ආර්. පරීක්‍ෂණවලට යොමු වූ බවත් එහි ප‍්‍රතිඵල නෙගටිව් බව හෙතෙම පෙන්වා දෙයි.

ඉන් පසු තමා තුළ තිබූ කොරෝනා සැකය දුරු වී ගිය බවත් ඒ නිසා තමාට තවදුරටත් නිරෝධායන වීමට තරම් අවශ්‍යතාවක් නොවන බව පැහැදිලිව විශ්වාස යැයිද හෙතෙම සඳහන් කළේය.

අදාළ සෞඛ්‍ය නිලධාරීන් සමග මේ පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවද එම සෞඛ්‍ය නිලධාරීන් පවා එම මතය පිළිගත් බවද හෙතෙම කීවේය.


 කෙසේ වෙතත් රටේ අද පැනනැඟී තිබෙන කෙරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට යොමු කර දෛනික වැඩ කටයුතු සිදු කරන බවද සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවද හෙතෙම කීවේය. ආගරපතන ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති අතර එස්. බී. දිසානායක මහතා ද ඔහු සිටි රැුස්වීමකට ගොස් සිටි නිසා ඔහුට නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණි.

Related posts

Leave a Comment