Noize News 

ඇමති පුතා හොරෙන් ගෙනා ලක්ෂ 800ක් වටින වාහනේ මාට්ටු

ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබේ.

මෙම වාහනය පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද එකකි.

වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරා දීමටයි. නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා ඇත.ෙ

පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගත් බවයි.රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කර තිබේ.

Related posts

Leave a Comment