Noize News 

පවිත්‍රාට පුුලුවන් හොද්දක ලුණු බලන්න – පැණියක් බදාගෙන දගලනවා – අනුර කුමාර කියන කතාව

රටේ ජනතාව අතර බරපතල ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විසින් වෙනත් ප්‍රශ්නයක් සමාජය මත මුදාහැර සැබෑ ප්‍රශ්නය හේතුවෙන් ආණ්ඩුවට එල්ල වන විරෝධය යටපත් කරන බව අනුර දිසානායක පවසයි.

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සිදුවූයේද එවැනි තත්වයක් බව ඔහු පවසයි. කොරෝනා වසංගතය මර්දනය හමුවේ ආණ්ඩුව අසාර්ථක වනවිට එම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා කොරෝනා පැණි නාටකයක් සමාජය ඉදිරියේ පෙන්වමින් සිටින බවත්, එම නාටකය නරඹන ජනතාව රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් සිටින බවත් ඔහු මහතා අවධාරණය කරයි.

රටපුරා නැවතත් වසංගතය සීග්‍රයෙන් පැතිර යන පසුබිමක් තුළ වගකිව යුතු ආණ්ඩුවක් නම් කළයුත්තේ මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නත් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වුවද සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයන් පැණියක් බදාගෙන සිටින බවත් ඔහු පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෛරස් ගැන හෝ වෛරස් මර්දනය කරන ඖෂධ සම්බන්ධයෙන් හෝ පවතින දැනුම කුමක්ද යන්න ප්‍රශ්න කරන අනුර දිසානායක මහතා පවසන්නේ ඇයට හොද්දක රස බලා ලුණු වැඩිද මදිද යන්න පිළිබඳව පැවසිය හැකි නමුත්, ඖෂධවල ගුණ අගුණ පිළිබඳව මත පළකිරීමට හැකියාවක් තිබිය නොහැකි බවයි.

Related posts

Leave a Comment