Noize News 

දෙදරු මවක් පොරවකින් කපාකොටා ඝාතනය කර සිරුරු කැබලි පොහොර මල්ලක දලා

කපාකොටා ඝාතනය කර පොහොර මල්ලක දමා තිබුණු කාන්තා මළ සිරුරක් වත්තේගම පොලිසිය මහනුවර, සිරිමල්වත්ත ප‍්‍රදේශයේදී සොයා ගෙන තිබේ.

ඝාතනය කර සිරුරු කැබලි වත්තේගම පොලිස් බල ප‍්‍රදේශයේ සිරිමල්වත්ත පාළු ස්ථානයක දමා තිබියදී වත්තේගම පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.

ඝාතනයට ලක්වූ කාන්තාව වත්තේගම පොලිස් බල ප‍්‍රදේශයේ පොල්ගොල්ල කලගොල්ලාගොඩ පදිංචිව සිටි 49 හැවිරිදි පි‍්‍රයංගිකා දමයන්ති නමැති දෙදරු මවක් ලෙස හඳුනා ගෙන තිබේ.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් ඉකුත් 22 දා කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ මෙහෙයුමකදී මළ සිරුර සොයා ගැනීමට වත්තේගම පොලිසිය සමත් වී තිබේ.

ප‍්‍රදේශයේ මරණාධාර සමිතියේ රැස්වීමකට සහභාගි වීමට යන බව පවසමින් නිවසින් පිටවී ගිය තම බිරිඳ ආපසු නොපැමිණි බව සැමියා පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වී ඇත.

මළ සිරුරේ කොටස් සොයා ගැනීමෙන් පසුව සිදුකළ විමර්ශනවලදී පොල්ගොල්ල කලගොල්ලාගොඩ පදිංචි තිස් හැවිරිදි අවිවාහකයකු වත්තේගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් පසුව පිහියක් සහ පොරවක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ප‍්‍රදේශයේ කුලී වැඩ කිරීමේ යෙදී සිටින කම්කරුවකු බව පැවසේ. ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට දීර්ඝ ලෙස සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි‍ෙ

Related posts

Leave a Comment