Noize News 

ආදහනයද භූමදානයද නෙමෙයි, භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැහැ -මහාචාර්ය මෙත්තිකා විතානගේ

භූගත ජලය දූෂණය වුණොත් නැවත පිරිපහදු කරන්න බැරි බව කොරෝනා 19 ආසාදිත දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳව සොයා බලන ඇගයීම් කමිටු සාමාජිකා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප‍්‍රකාශ කරයි.
 
 කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී තිබියදී නැවත නැවතත් මේ ගැන වාද විවාද කරමින් සංදර්ශන කිරීම මේ අවස්ථාවේ කළ යුත්තක් නොවන බව ද ඇය කියයි.

මෘත දේහයක වෛරස පවතින කාලය සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති තත්ත්වයක අනුගමනය කිරීමට ඇති හොඳම සෞඛ්‍ය ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ යුතු බව මහාචාර්යවරිය සඳහන් කළාය. විශේෂයෙන් භූගත ජලය කිසියම් අවස්ථාවක දූෂිත කළොත් නැවත එය පිරිපහදු කිරීමේ කිසිම අවස්ථාවක් නොමැති බව ඇය අවධාරණය කරයි.

Related posts

Leave a Comment