Noize Gossip 

2013 දී හෙළි වූ පැණි ධම්මිකගේ කෙරුවාව මෙන්න – දේව හාස්කම් කියා සාමනේර හිමිවරුන් විහාරස්ථානවලින් පන්නලා

කෑගල්ල අලපලාවල උඩු මාගම කාලි දේවාලය තුළ පවතිනවාය කියන හාස්කම් සහ එමගින් බෞද්ධ විහාරස්ථාන වලට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් 2013 වසරේ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩ සටහන හරහා සුවිශේෂී හෙළිදරව්විවක් සිදු කර තිබුණා. ඒ මීට වසර කිහිපයකට .ඉහතදී.

විශේෂත්වය වන්නේ මෙම දේවාලයේ දේව ගැතිවරයා ලෙස කටයුතු කරන්නේ මේ දිනවල රටේම පුසිද්ධියට පත්වෙලා ඉන්න කොරෝනා නසන ඖෂධයක් නිපදවූ බව කියන ධම්මික බණ්ඩාර කපු මහතායි.

2013 දී සිදු කළ එම වැඩසටහනේදී අණාවරණය වී තිබුණේ මෙම කපුවා හරහා විහාරස්ථානවල වැඩ වාසය කළ සාමනේර හිමිවරුන් විහාරස්ථාන අතැර යන තත්වයට මෙම පුද්ගලයා පත් කර ඇති බවයි.

විහාරස්ථානයේ බලය තමා සන්තකයේ තබා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමිවරුන් බිය ගන්වා දේවාලයට කැදවාගෙන විත් උන් වහන්සේලා පව් කර ඇත බව දන්වා බැණ වඳිමින් මිනිසුන් ඉදිරියේ නහවා මිත්‍යා සහගත කරුණු වලින් උන්වහන්සේලාගේ මනස විකෘති තත්වියට පත් කර ඇති බවට ධම්මික කපු මහතාට එකළ දෝෂාරෝපණය එල්ල වී තිබෙනවා.

‘‘පොඩි හාමුදුරුවරු කියනවා අපට ඉන්න බෑ කියල ගොඩක් අය මේ වෙනකොට ගිහිල්ලා තියෙන්නෙ.. ඔබ වහන්සේලා ඔක්කොම එක සමාන බවත් වැඩිහිටියෙක් කියලා කෙනෙක් නැති නිසා ඔබ වහන්සේලා ගාව දැන් පන්සිල් වත් නැහැ කියලා කපුවා කියලා තියෙනවා ඒ නිසා හිටපු හාමුදුරු පන්සිල්වත් නැත්තං ඉඳලා වැඩක් නෑ කියලා යන්න ගිහින් තියෙනවා.‘‘ යනුවෙන් ගම්වාසියෙකු මෙම වැඩටහනට අදහස් දක්වමින් පවසා තිබුණා.

ධම්මික කපු මහතා විසින් මේ සියල්ල සිදු කර තිබෙන්නේ දේව ආරූඪයෙන් බව පවසමිනි. එකල එකල ප්‍රදේශය අවට විහාරස්ථාන විහාරස්ථානවල සිටි ස්වාමීන් වහන්සේලා ද මේ පිළිබඳව අදහස් දක්වා තිබුණා..

එහිදී ස්වාමීන් වහන්සේ නමක් පවසා තිබුණේ. දේවාලයට පැමිණෙන ලෙස කතා කළත් උන්වහන්සේ එම දේවාලයට වැඩිය නැති බවයි. දේවාලයේ මෑණියෝ කියලා තමයි කියන්නේ එනමුත් දේවාල මෑණියෝ කෙනෙක් නෑ.. ඉන්නේ මිනිහෙක් තමයි ..මෑණි ළඟට යනවා කියලා අපේ පොඩි හාමුදුරුවරු දේවාලෙට යනවා.. පොකුණකින් නාවල පොඩි හාමුදුරුවන්ගේ පව් සෝදා හරිනවා කියලා කළ 26 ගාන එක එක්කෙනා නාවලා තිබුණා.. කාලි මෑණියන්ට කියලා අතපය කුඩු කරනවා කියලා බය කරලා තියෙනවා.. දරුණු විදිහට පොඩි හාමුදුරුවරුන්ට කතා කරලා උන්වහන්සේලා බය කරලා එක එක තොරතුරු අහගෙන තියෙනවා.. යනුවෙන් හිමි නමක් එකළ එම වැඩසටහනට පවසා තිබුණි.

කෙසේ නමුත් අදවන විට රටේම පුද්ධියට පත්ව ඉන්න ධම්මක බණ්ඩාර ගැන මේ හෙළිදරව්ව සිදු කර තිබුණේ 2013 වසරේදී. ඔහු විසින් වැරදි වැඩ කරන පුදගලයන්ට දඪුවම් ලබා දෙන බවත් කාලි මෑණියන්ගේ පිහිට තමාට තිබෙන බවත් පවසමින් තමයි මේ ආකාරයෙන් විහාරස්ථාන වල සාමනේර හිමිවරුන් විහාරස්ථාන හැර යන තත්වයට වැඩ කටයුතු කරලා තියෙන්නේ.

අදාළ වැඩ සටහන පහතින්…

https://fb.watch/2A4MF0UTjN/

Related posts

Leave a Comment