Noize News 

ශීතකරණ වල දාලා හරියන්නේ නෑ – අපට පැය 24 ක් ඇතුළත භූමදානය කරන්න ඕන – එස් එම් මරික්කාර් කිව්ව කතාව

ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය 24 ක් ඇතුළත භූමදානය කළ යුතු බවත් මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද හෙකෙම කියා සිටී

ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවත් අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටි.

මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

Leave a Comment