රාවණ පරපුරේ කොරෝනා ඔසුව සාර්ථකයි – වෛද්‍ය වාර්තා රැසකින් සනාථවෙයි
රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇති බව් රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා පවසයි.
ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බවත් රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ ලබාදී ඇති බවත් ඔහු පවසයි.
මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ලබා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේ ය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.