Noize News 

මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන දිළුම් අමුණුගම කිව්ව කතාව

වසංගත තත්වයක් නිසා අවදානය දිය යුත්තේ මිය ගිය පුද්ගලයන් ගැන නොව ජීවත් වන පුද්ගලයන් ගැන බවත් මෙය ආගමික චාරිත‍්‍ර ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරන කාලයක් නොවන බවත්රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මේ හේතුවෙන් කොරෝනා මෘත දේහ ශීතකරණවල බහා කල් තබා ගැනීම ගැන තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බවත් බෞද්ධයන්ද මිය ගියද කිසිදු අවස්ථාවන පාංශකූලයවත් දී නැතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් කොරෝනා මල සිරුරු තවදුරටත් තබා ගැනීමෙන් ඒවා මගින්ද පොකුරු බිහි වීමේ අවදානමක් ඇති බවද ඒ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටයේය.

Related posts

Leave a Comment