Noize News 

දුමින්දගේ කල් ක‍්‍රියාව හොද නම් නිදහස් කරනවා – බන්ධනාගාර රාජ්‍ය ඇමති

දැනට බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලමින් සිදුකරන සමාලෝචනය වසර 20කින් පමණ ක්‍රියාත්මක වී නැති බවත් එක් එක් පුද්ගලයන් ඉලක්ක කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන බවත්දුමින්ද සිල්වා ද යහපත් කල් ක්‍රියාවෙන් යුතු කාණ්ඩයට වැටෙන්නේ නම් පමණක්ඔහු නිදහස් කිරීමට සූදානම් බවත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ යටතේ මරණ දඬුවම හිමි සිරකරුවෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකටත්, ජීවිතාන්තය දක්වා සිර කරුවකු වූ වසර විස්සක දඩුවමකටත් අඩු වන්නේ යයිද ඔහු පැවසීය.

Related posts

Leave a Comment