Noize News 

දේශපාලනඥයන්ගේ පවුල්වලට වැලි, පස් සහ කළු ගල් බලපත්‍ර දෙන්න එපා – ඇමතිගෙන් නියෝගයක්

මින් ඉදිරියට දේශපාලනඥයන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ හිතවතුන්ට වැලි, පස් සහ කළු ගල් සඳහා අලූතින් බලපත‍්‍ර ලබා නොදෙන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (22) භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාට උපදෙස් දී තිබේ.

 නීති විරෝධී වැලි හා පස් ජාවාරම් බහුල වශයෙන් සිදුවන්නේ මෙවැනි අයට බලපත‍්‍ර ලබාදීමෙන් බවට හෙළිවීමත් සමග ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇත.
 
 ඒ අනුව මින් ඉදිරියට එවැනි පිරිස්වලට බලපත‍්‍ර ලබා නොදීමටත් අවශ්‍ය නම් ඒ සඳහා නීති සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා සභාපතිවරයාට දැනුම් දී තිබේ.

Related posts

Leave a Comment