Noize News 

කොරෝනා මෘත දේහයක් නිසා කරාපිටිය රෝහල නොසන්සුන් – වෛද්‍යවරුන් වර්ජනයේ

ගාල්ලේ දේදුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තැබීම නිසා අධිකරණ වෛද්‍යවරුන් ඇතුළු එහි සේවකයන් දැඩි නොසන්සුන් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි..

අදාළ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තුරු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට අද දිනයේ සිට එම රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ද තීරණය කර ඇත.

එම දේහය පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝග මත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර එය නිරෝධාය රෙගුලාසි අනුව ආදාහනය කරන ලෙස කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා නියෝග කර තිබියදී පොලිසිය එය ක්‍රියාත්මක නොකර අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන එම කාර්ය මණ්ඩලයේ විරෝධය පළ වී තිබේ.

එමෙන්ම කොරෝනා අසාදිත මරණ තබා ගැනීම සඳහා කරාපිටිය රෝහලේ අධිශීතකරණ පහසුකම් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

Leave a Comment