කොරෝනා එන්නත් හැකි ඉක්මනින් ගෙන්වන්න – ජනපති දන්වයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා පාලන කමිටුවෙ සාමාජිකයන්ට උපදෙස් ලබා දෙමින් කොරෝනා එන්නත මෙරටට ඉක්මනින්ම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි දන්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් එම රටවල් හා මෙරට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා ඇති අතර ගෙන එන ලද එන්නත් මුලින්ම ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාවය හා ප්‍රමුඛතාවය අනුව තෝරා ගැනීමටද එම කමිටුව තීරණය කර ඇත
වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන හා පුද්ගල කණ්ඩායම් පිළිබඳ දත්ත රැස්කිරීමට ද එහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.