කරාපිටිය රෝහලේ කොවිඩ් මෘත දේහයත් ආදාහනය කරන ලෙස උපදෙස්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඞ්  ආසාදිත පුද්ගලයාගේ  දේහය ආදාහනය කරන ලෙස
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්  අසේල ගුණවර්ධන මහතා විසින්  ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත අද (23දා)  ලිඛිතව දැනුම් දි ඇත.


 මෙම මෘත දේහය කොරෝනා නීිති හා රෙගුලාසි යටතේ අනිවාර්යෙන්ම ආදාහනය කරනවාද නොඑසේනම් අධිකරණ ඇමති අලි සබ්රි මහතා යෝජනා කොට ඇති පරිදි  සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙන තෙක්    කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත්කොට තබනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුකාරි තත්වයක් මතුව තිබුණි.

ඒ අනුව   මේ සම්බන්දයෙන් ගතයුතු  උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ගාල්ල   අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *