Noize News 

මාධ්‍යයට හා සමාජ මාධ්‍යයට අත තියන්න එපා – සජිත්

සමාජ මාධ්‍ය ඇතුළු සමස්ත මාධ්‍යයට අත නොතබන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

මේ රටේ ජනතාවගේ කටවල් වසා, නිදහසේ අදහස් දැක්වීමට තිබෙන අයිතිය අවහිර නොකරන ලෙසට ද ඉල්ලීමක් කරන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය ලියාපදිංචි කළ යුතු බවට ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ලියාපදිංචි කරන මුවාවෙන් ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්දනයකට සැරසෙන බවත්, එය මාධ්‍ය ඇමැතිවරයාගේ ප්‍රකාශ තුළින් ගම්‍ය වන බවත්ය. අනෙකාගේ අදහස් තමන් පිළිගත්තද,නොගත්තද ඒ අදහස් ඉදිරිපත් කිරීමට අනෙකාට ඇති අයිතියට ගරු කළ යුතු බව කී හෙතෙම තමාව තරම් සමාජ මාධ්‍යයේ විවේචනයට, අපහාස උපහාසයට ලක් වූ වෙනත් කිසිවෙක් නැති බවත් කීය.

මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් සහ සමගි ජනබලවේගය පෙනී සිටින බව පැවසූ ඒ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් භාෂනයේ, ලේඛනයේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කිරීමට ආණ්ඩුව සැරසෙන්නේනම් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

Leave a Comment